ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි.
ඒ අනුව අවම ගාස්තුව ඇතුළු සියලු බස් ගාස්තු මේ ආකාරයෙන් වැඩි කරන බව ඔහු කියා සිටියා.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ලබන සඳුදා (14) දිනය වන විට බස් ගාස්තු සංශෝධනයකට යා යුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවම බස් ගාස්තුව රුපියල් තිහේ සීමාව දක්වා ගෙන යාමට අවශ්‍ය නොවන බවයි.
ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද (13) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරනවා.
ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යවරයා සමඟයි.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉන්ධන මිල වැඩිවීම සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අද (13) දිනයේදී තීරණයක් ගන්නා බවයි.