බස් රථයක් අඩි 10ක් පහළට පෙරළේ – 14ක් රෝහලට

0
362

මාතලේ දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වු මගී ප්‍රවාහන බස් රථයක් ගොලැහැන්වත්ත කලුපාලම අසල දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 10ක පමණ පහළින් පිහිටි වෙල්යායකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු වන බව සඳහන් වේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here