බස් රථවලට හඳුන්වා දීමට යන කාඩිපත් ක්‍රමය නිසා කොන්දොස්තරවරැන්ගේ රැකියාවට තටිටු වෙනවලු

0
568

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා යෝජනා කර ඇති කාඩ්පත් ක්‍රමය නිසා විසිදාහක කොන්දොස්තර පිරිසකගේ රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා.

ඒ වෙනුවෙන් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

අවම බස් ගාස්තුව රුපියල් 20ක් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනය කිරීමේ නව වැඩසටහනේ පළමු අදියර හෙට (30) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් පදනම් කර ගනිමින් එම වැඩසටහන ආරම්භ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here