Tuesday, January 14, 2025

බස් රථ ධාවනය කාර්යබහුල අවස්ථාවලට පමණක් සීමා කිරීමට බස් සංගම් සැරසෙයි

පවතින ඩීසල් හිඟය හේතුවෙන් ලබන සඳුදා සිට බස් ධාවනය අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පවතින තත්ත්වය හේතුවෙන් කාර්යබහුල අවස්ථාවලදී පමණක් බස් ධාවනය කිරීමට සිදුව ඇති බවයි.

සඳුදා දිනයේ බස් ගමන් වාර සියයට 50 ක් පමණක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

“අපේ සුපුරුදු බස් ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැති තත්ත්වයක් තියෙනවා. ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන නෑ. IOC එකේ මිල වැඩි කරලා තියෙනවා. ඒකෙන් අපිට ලබා ගන්න හැකියාවක් නෑ. විශේෂයෙන් මේ දවස්වල අරපරිස්සමෙන් වැඩකටයුතු කරන්න ඕනේ කාලයක්. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා හෙට උදෑසන සිට ගමන් වාර සංඛ්‍යාව අඩු කරන්න. රාජකාරි වෙලාවන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙන්නත් ඇතැම් ගමන්වාර අවලංගු කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දීලා තියෙන්නේ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles