බස් වර්ජනය අවලංගුයි – ගැමුණු විජේරත්න

0
365

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව, අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අවලංගු කර ඇති බව වාර්තා වෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කර සිටියා.

ලබන බදාදා යළි මේ පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ගැමුණු විජේරත්න මහතා පවසා සිටියා. ජූලි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි බස් ගාස්තු වැඩි කරන ලෙස පෞද්ගලික බස් සංගම් ඉල්ලා සිටියා. අද රාතී‍්‍රයේ සිට මේ සම්බන්ධව වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.

මීට අමතරව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත්තේ, බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා පවතින නිර්ණායකයන් වෙනස් කිරීමට පත් කෙරුණු විද්වත් කමිටුව සහ බස් හිමියන් අතර සාකච්ඡාවක් පවත්වා එහි වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි. ඉදිරි දින දෙක ඇතුළත එම සාකච්ඡාවද පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here