බස් 20000 ක් අලුත්වැඩියා කරන්න ගැමුණු වන්දි ඉල්ලයි

0
330

මගී ප‍්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 20,000 න් 15,000 ක්ම අර්ධ වශයෙන් අබලන් වී ඇති බැවින් මෙම බස් රථ අලූත්වැඩියා කර ගැනීමට බස් රථ හිමියන් හට වන්දි මුදලක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කොවිඩි තත්ත්වය මත අගෝස්තු 20 දා සිට අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ නිසා බස් රථ ධාවනය කිරීමට නොහැකිව බස් රථ ගෙවල්වල නවතා තිබූ බවත් ඒ නිසා මෙලෙස අබලන් වී ඇති බවත් කීවේය.

‘අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ අර්ධ වශයෙන් අබලන් තත්ත්වයට පත්ව තිබෙන බස් රථ ටික අලුත්වැඩියා කරගන්න වන්දි මුදලක් දෙන්න කියලා යැයි’ ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here