බහරේනයේන් නැවතත් ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් සේවා ආරම්භ කරයි

0
679

බහරේනයේ ජාතික ගුවන් සේවය, ගල්ෆ් එයාර් ශ්‍රී ලංකාව වෙත නැවතත් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන 15 වැනිදා සිට එම ගුවන් සේවය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත සතියට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ගුවන් සේවයේ නවතම එයාර් බස් ඒ-320 ගුවන් යානා යොදා ගනිමින්.

1981 වසරේ සිට ගල්ෆ් එයාර් ගුවන් සේවය බහරේනය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළද කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් එය අත්හිටුවා තිබුණා.

මේ අතර, එමිරේට්ස් ගුවන් සේවයද ශ්‍රී ලංකාව වෙත සතියකට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හය දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

එම අතිරේක ගුවන් ගමන් ලබන 27 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here