බ්ලින්කන් – ලැව්රොව් හමුව අවලංගු කෙරේ

0
269

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර අද (23) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය තාන්ත්‍රික හමුව අවලංගු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තීරණාත්මක සාකච්ඡාව කල් දමා ඇත්තේ ධවල මන්දිරය විසින් බවයි. රුසියාවේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් එය අවලංගු කළ බව ඇමරිකාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රුසියාව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කර ඇති අතර, එය නිවැරදි කර ගන්නේ නම් තවමත් අවස්ථාව ඇති බව ධවල මන්දිරය වැඩිදුරටත් සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here