Friday, January 24, 2025

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ද දැන් අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා-ඇමති හර්ෂ –

 

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ආසියානු රටවල්වල මූල්‍ය හා කොටස්‌ වෙළෙඳ පොළ අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එසේම මේ නිසා ඇමරිකානු ඩොලරය ද ශක්‌තිමත් වී ඇති බව කී ඇමැතිවරයා අප ගත් ණයවල ගෙවිය යුතු රුපියලේ ප්‍රමාණය ද වැඩි වී ඇතැයි සඳහන් කළේය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ලෝක ආර්ථිකයට එය කෙසේ බලපායි ද යන්න පිළිබඳව ආර්ථික විචාරකයන්ට කිව නොහැකි තත්ත්වයක්‌ උද්ගතව ඇතැයි ද හෙතෙම ඊයේ (28 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ද දැන් අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා. ඔවුන්ගේ ඉදිරි දැක්‌ම සෘණ තත්ත්වයකට ඇවිත්. බ්‍රිතාන්‍යය අද තිබෙන ස්‌ථානයට වඩා තවත් පහළට එනවා. බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ඒකපුද්ගල ආදායම පවුම් 4000 කින් අඩු වෙයි. අපේ අපනයනයෙන් සියයට 30 ක්‌ සිදුකළේ යුරෝපයට. එයින් සියයට 35 ක්‌ම අපනයනය කළේ එංගලන්තයට. බ්‍රිතාන්‍ය වෙළෙඳ පොළ කඩා වැටීම අපට බලපානවා. ජීඑස්‌පී ප්ලස්‌ සහනය නැවත ලබා ගත්තත් එයින් උපරිම වාසිය ගන්න බැහැ. යුරෝපයේ වැඩිම සංචාරකයන් එන්නේ එංගලන්තයෙන්. එම නිසා සංචාරක ක්‍ෂේත්‍රයටත් මෙය බලපානවා.

එසේම මෙම තත්ත්වය මත ආසියානු වෙළෙඳ පොළ ශක්‌තිමත් කර ගැනීමට අවස්‌ථාවක්‌ මෙමගින් උදාකර ගත හැකිය. චීනය/ඉන්දියාව සමග පවතින ගිවිසුම් කඩිනම් කර ගන්න වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles