බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමෙන්, ලෝක රන් මිලත් ඉහළට..

0
355

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ තීරණයත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල වසර දෙකකින් ඉහළම අගයට පත්වී තිබෙනවා.

ජනමත විචාරණයේ ප්‍රතිඵලයත් සමඟ ලෝක වෙළඳ පොලේ රන් මිල සියයට 8 කින් පමණ ඉහළ ගිය අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඩොලර් 1350 කට ආසන්න මට්ටමකයි.

බ්‍රිතාන්‍යය වෙළඳපොලේ රන් මිල වසර 3 කින් ඉහළම මිල සලකුණු කළේ සියයට 13 ක පමණ වැඩිවීමක් සමඟයි.

බ්‍රිතාන්‍ය පවුම ඇතුළු ප්‍රධාන පෙලේ විනිමය අස්ථාවර වීමත් සමඟ ස්ථාවර ආයෝජනයක්  ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට පෙළඹීම මෙලෙස ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here