Saturday, January 11, 2025

බ්‍රිතාන්‍යය සහ එක්සත් අරාබි එමීර් ශ්‍රී ලංකාව ‘රතු’ කරයි!

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය හා නේපාලය යන රටවලින් පැමිණෙන පුද්ගලයින් රටට ඇතුළුවීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා. ඒ, එම රටවල පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේයි.

ඒ අනුව ලබන 12 වනදා රාත්‍රී 12 න් පසුව අදාළ රටවලින් පැමිණෙන පුද්ගලයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති. අන්තර් හුවමාරු ගුවන් යානාවලින් පැමිණෙන අදාළ රටවල්වල සංචාරකයින්ට ද එම තහනම ක්‍රියාත්මක වනු ඇති

එක්සත් රාජධනිය විසින් ශ්‍රි ලංකාව කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යන රටක් ලෙස හදුනා ගනිමින් සිය අවධානම් රටවල් (Amber list) ලයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එක්සත් රාජධානිය විසින් ලොව පුරා රටවල කොරෝනා වසංගතය පැතිර යන ප්‍රමාණය අධ්‍යයනය කරමින් එහි අවධානම් මට්ටම අනුව අධි අවධානම්(Red List) අවධානම් (Amber List) සහ අවධානමක් නොමැති (Green List) රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරමින් ලයිස්තුගත කර තිබෙනවා.

මේ අනුව එක්සත් රාජධානිය විසින් අධි අවධානම්(Red list Countries) රටවල් ලෙස හඳුනාගෙන සිටින රටවල සිට එක්සත් රාජධානියට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඉන්දියාව, බංගලිදේශය, පකිස්ථානය ඇතුළු රටවල් 40 මෙම රටවල් ලයිස්තුවට ඇතුලත් වෙනවා. එම රටවල පැතිර යන කොරෝනා රෝගයේ නව ප්‍රභේද එක්සත් රාජධානියට ඇතුළුවීම පාලනය කිරීම මෙම සංචාරක තහනමේ අරමුණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles