බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය තවත් රටවල් කිහිපයකින් හමුවෙයි

0
742

බ්‍රිතාන්‍යය විසින් හඳුනාගනු ලැබූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය යුරෝපා රටවල් කිහිපයක මෙන්ම කැනඩාව සහ ජපානය යන රටවලින් ද හඳුනාගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයින් හේතුවෙන් එම නව කොවිඩ් වෛරස ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් ස්පාඤ්ඤය,  ස්විස්ටර්ලන්තය, ස්වීඩනය සහ ප්‍රංශය යන රටවලින් ද වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් ලබන සඳුදා සිට මාසයක කාලයක් අනේවාසික විදේශිකයින්ට සිට රට තුළට ඇතුළුවීමට ඉඩලබා නොදෙන බව ජපානය ප්‍රකාශ කරතිබේ.

නව කොවිඩ් වෛරස ප්‍රභේදය පසුගිය සතියේ සොයා ගැණුනු අතර ඒ සමග බොහෝ රටවල් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here