බ්‍රිතාන්‍ය වෙරළේ මිය ගිය තරුණයින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගැනේ

0
353

බ්‍රිතාන්‍යයේ, නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තයේ – කැම්බර් සැන්ඩ්ස් මුහුදේ දිය නෑමට ගොස් මියගිය තරුණයින් පස්දෙනා ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 23 වැනිදා මෙම තරුණයින් කැම්බර් සැන්ඩ්ස් මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී ඇති අතර පොලිසිය හා වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව තිදෙනෙකු වෙරළට රැගෙන විත් ඇති අතර ඒ මොහොත වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටී බව පැවසේ. අනෙක් දෙදෙනාගේ මළසිරුරු එදින රාත්‍රියේ වෙරළට ගොඩගසා තිබියදී සොයා ගෙන තිබේ.

මියගිය සියලුදෙනාම 20 හැවිරිදි වියේ පසුවන දෙමළ ජාතික තරුණයින් බව පැවසෙන අතර ඔවුන් ගිණිකොන දිග ලන්ඩන්හි ග්‍රීන්විච් ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙසද හඳුනාගෙන තිබේ. සංචාරකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වෙරළ තීරයකදී මෙලෙස තරුණයින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අවස්ථාවේදී මුහුද රළු ස්වභාවයක් ගෙන නොතිබුණු බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here