බාර් ඇරපු නිසා පාසල් විවෘත කරන්න කල් යාවි. වෛද්‍ය සංගමයේ අප්‍රසාදය

0
313

ඇදිරිනීතිය තවත් දින 10 ට දීර්ඝ කිරීමෙන් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කිරීමට හැකියාවක් ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කර සිටිනවා.

සුරා සැල් විවෘත කිරීම නිසා කොවිඩ් ව්‍යාප්තියේ පාලනය සදහා දැඩි අහිතකර බලපෑමක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා එස් ගුණරත්න මහත්මිය සදහන් කරයි. එමෙන්ම සුරා සැල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුන බවත් මෙය පාසැල් විවෘත කිරීමට ඇති අවස්ථාව ද තවත් දීර්ඝ විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

සුරාසල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුණු බවත් මෙය සුබවාදී තත්වයක් ලෙස සැලකිය නොහැකි බවත් ඇය සඳහන් කළා.

මින් කොවිඩ් පාලන වැඩපිළිවෙළට සිදුවන හානිය ඉතාම වැඩි බව පැවසූ ගුණරත්න මහත්මිය පාසල් ඉක්මනින්ම විවෘත කිරීමට ඇති අවස්ථාවද මෙමගින් දීර්ඝ විය හැකි බවයි සදහන් කළේ.

රෝගය පාලනය කර රට කොළපාට දක්වා යන ගමනට මෙය හානිකර බවද පද්මා ගුණරත්න මහත්මිය පැවසුවා ය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here