Sunday, September 22, 2024

බාර් ඇරීමට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම 04 වැනිදා

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකව තිබියදී මත්පැන් හල් විවෘත කිරීමට අවසර ලබා දෙන්නේ නම් ස්වයං රැකියා වෙළඳුන්ටද ව්‍යාපාරික කටයුතුවල නිරතවීමට අවසර ලබා දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් 04 වැනිදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙනු ඇත.

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසින් ගොනුකළ මෙම පෙත්සම අද එල්.ටී.බී. දෙහිදෙනිය, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවා තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ නඩුවට අදාල ලේඛන තමන්ට ලැබුණේ පසුගිය සිකුරාදා බවයි. පෙත්සමේ වගඋත්තකරුවන් රැසක් නම්කර තිබෙන බැවින් ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කල් ලබාදෙන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ජී.අයි. චාල්ස්, උප සභාපති පී.ජී.බී. නිශ්ශංක සහ ලේකම් ක්‍රිෂාන් මාරඹගේ යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පාර්ශ්වය 47 ක් නම්කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles