බැඳුම්කර චෝදනා රෝසි සේනානායක ප්‍රතික්ෂේප කරයි

0
395

අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි රෝසි සේනානායක මහත්මිය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වය දැරූ කාල වකවානුව තුළ දී කාරක සභාව හමුවේ ඉදිරිපත් වූ කිසිදු තොරතුරක් නීති විරෝධී ලෙසින් කුමන පාර්ශ්වයකට හෝ ලබානොදුන් බව වගකීමෙන් යුතුව අවධාරණය කරමි.

බැඳුම්කර කොමිසම ඉදිරියේ පුද්ගලයෙකු මගේ පුතුගේ නම සඳහන් කර තිබුණද, ඒ සඳහන සනාථ කෙරෙන කිසිදු අදහසක් එහිදී ඉදිරිපත් වී නොතිබිණි. එසේ සඳහන් කෙරුණේ ද 2016වසරේ සිදුවූ සංවාදයකි. 2016වසරේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවේ.

එසේ වී තිබියදී, සමහර ජනමාධ්‍ය කිසිදු සොයා බැලීමකින් හෝ පදනමකින් තොරව, බැඳුම්කර සිද්ධියට මා සහ මගේ පුත්‍රයා සම්බන්ධ බවට සඳහන් කරමින්, ප්‍රධාන සිරස්තල යොදා ගැනීමෙන් පිළිබිඹු වන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය අද ඇද වැටී ඇති පහත් තත්වයයි.

මේ සම්බන්ධයෙන් මට හා මාගේ පුත්‍රයාට එල්ල වන චෝදනා සියල්ලම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ආරම්භයේ පටන් සුපිරිසුදු දේශපාලනයක නිරත වූ මා හට මෙලෙස අපහාස කළ සියලූ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමි.

පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි විගස මේ පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් සිදු කිරීමට ද කටයුතු කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here