බැසිල්ගෙන් ඇප අයදුම්පතක්..

0
349

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අදාළව ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් ඇත.

මේ අතර දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණය විසින් කල් දමා තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා අදාළ නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් නඩුව දෙසැම්බර් මස 6 වැනිදා දක්වා කල් දැමීමට මහාධිකරණය තීරණය කළ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here