Friday, January 17, 2025

බැසිල්ගේ ඉන්දීය සංචාරය ලබන සතියේ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය ලබන සතියේ සිදු කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය ජනවාරි මාසයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් සමග පැවැත්වූ වීඩියෝ සංවාදයේ දී දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම සහ නව ආයෝජන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු වුණා.

විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබාදීමට ද ඉන්දියාව එකඟත්වය පළ කළා.

එහිදී ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා ගැනීමට අදාළව මුදල් අමාත්‍යවරයා ඉන්දියාව වෙත යාමටයි සැලසුම් කෙරුණේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය 8 වනදා නැවතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග දුරකථන සංවාදයක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට හැකි සියලු ආකාරයෙන් සහය වන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

එමෙන්ම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මීළඟ ඉන්දීය සංචාරය පහසු දිනයක දී සිදු කිරීමට ද එහිදී එකඟත්වයක් ඇතිවුණා.

ඒ අනුවයි මුදල් අමාත්‍යවරයා ඉදිරි සතියේ ඉන්දියාව බලා යාමට නියමිතව ඇත්තේ.  දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉතා බලවත් කොන්දේසි මත ණය ලබාගැනීම මෙම ගමනේ අරමුණ බවයි.

තවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රටේ විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීමේ යෝජනාව ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ද අප්‍රේල් මැද භාගයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් වෙත යෑමට නියමිත බවත් පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles