බැසිල්ගේ රට සවාරිය ගැන හඳුන්නෙත්ති කතා කරයි

0
299

පාර්ලිමේන්තුව වාරාවසාන කිරිම හමුවේ ජනතාවට ගැටළු රැසක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පුත්තලමේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ යුග දනවි විදුලි බලාගාර ගිවිසුම පිළිබද පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කිරිමට තිබු හැකියාවද එමගින් නිමා වන බවයි.
ගැටළු විශාල ප්‍රමානයක් රටේ පවතින අවස්ථාවක මුදල් ඇමති මෙසේ විදේශගත වීම ගැටලු කාරී බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.ජනතාව වෙනුවෙන් හඩ නැගීමට සිටින ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේ නොමැති වීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසෙන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here