බැසිල්ගේ ලෙඩේට බෙහෙත හැරිසන් කියයි

0
813

රිමාන්ඩ් කෙරුණු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිට සැදුණ ලෙඩේට තමන් දන්නා පරිදි ඇත්තේ එක බෙහෙතක් බව පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) මිලියන 34ක් වටිනා ට්‍රැක්ටර් 15ක් ජාතික පශු සම්පතා සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවලට ලබාදීම නිමිත්තෙන් වැලිසරදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේ මෙසේය.

“28 වෙනිදා පා ගමනක් යන්න සුදානම් වෙලා හිටපු බැසිල් මහත්තයව උසාවි නියෝගයකින් හිර ගෙදරට ගෙනිච්ච ගමන් එතුමාට අසනීප ගොඩක් හැදිලා රෝහල් ගත කරලා තියෙනවා. ඇත්තටම එතුමා FCID යට මල් තියලා වඳින්න ඕන අත්අඩංගුවට ගත්ත එක ගැන. මොකද එච්චර  ලෙඩ ගොඩක් තියාගෙන එතුමා පාගමනට සහභාගී වුණා නම් එයාට මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ. එක්කෝ හිර ගෙදර ඉන්න දොස්තරලගේ අමාරුවක් තියෙනවා. නැත්තනම් බැසිල් මහත්තයට ඇත්තටම අමාරුවක් තියෙනවා. දොස්තරලට එයාගේ ලෙඩේ හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකක්ද ඇත්තටම හැදිච්ච ලෙඩේ කියලා.හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයට හැදිච්ච ලෙඩේට එක බෙහෙතයි තියෙන්නේ මම දන්න විදියට. ඒ බෙහෙත දුන්න නම් හරියට හරි වෙන මොනවත් නෙවේ. එතුමාට පයිප්ප වස්තියක් දෙන්න ඕන. මොකද මේ පයිප්ප වලටනේ එතුමාව හිරේ දැම්මේ. ඒ නිසා මේ පයිප්ප වස්තිය බැසිල්ට පෙව්වා නම් දොස්තරටත් හොයාගන්න බැරි ලෙඩ ටික නිට්ටාවටම හොඳ වෙයි කියලා මම කියන්න කැමතියි“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here