Thursday, January 23, 2025

බැසිල්ගේ 5000 න් පසු බඩු මිලත් ඉහළට

සියලුම රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට මේ මස අවසානයේ සිට රුපියල් 5,000/- අමතර දිමනාවක් ලබා දෙන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කිරීමත් සමඟ වෙළඳපොලේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් තව දුරටත් මිල ඉහල යාමට පටන් ගෙන තිබේ.

කොළඹින් බැහැර ප්‍රදේශවල පවා විශේෂයෙන්ම සහල් තොග මිල ගණන් රුපියල් 160/- ඉක්මවා ඇත. කැකුළු සහල් වර්ගවල තොග මිල පවා රුපියල් 158/- ලෙස ඊයේ (06) දින වාර්තා වී තිබිණි. එසේම බරපතල සහල් හිඟයක් රට පුරා පවතී.

මේ අතර පෙබරවාරී මාසයේදී පමණ විදුලි බිල විශාල වශයෙන් වැඩි කරනු ඇතැයි අනාවරණය වේ. මෙයට හේතු වී ඇත්තේ ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 215ට තිබියදී ශ්‍රී ලංකාවට ලබා දෙන ගල් අඟුරුවල අවම මිල ඩොලර් 270ක් ඉක්මවා තිබීම නිසා විදුලි බිල විශාල අනුපාතයකින් වැඩි කිරීමට සලකා බලමින් සිටින බව අනාවරණය වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles