බැසිල්ට එරෙහිව දිවි නැගුම නඩුවේ සාක්ෂි කැදවීම අද අවසන් කරයි. | තීන්දුව පෙබරවාරි 01 වෙනිදා

0
300

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින දිවි නැගුම නඩුවේ සාක්ෂි කැදවීම අදින් අවසන් කිරීමට අධිකරණය අද තීන්දු කළා.

එම නඩුව අද කැදවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර දෙන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය අදාල නඩුවේ සාක්ෂි කැදවීම අදින් අවසන් කර තීන්දුව ලබාදීම පෙබරවාරි පළමුවෙනිදා දක්වා කල්තැබීය.

මෙම නඩුව අද කැදවූයේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here