Friday, September 20, 2024

බැසිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අවධානය යොමුව ඇත.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.

වත්මන් මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය මෙරට ආර්ථික බිඳවැටීමට වගකිය යුතු බැවින් ඔහු සම්බන්ධයෙන් විශ්වාසය බිඳවැටී ඇති බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

“ආණ්ඩුවේ කළමනාකරණය බිඳ වැටිලා. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතා අඩුම ගානේ මුදල් අමාත්‍යවරයා හැටියට මේ තත්ත්වය කළමනාකරණය කරන්න ගන්න පියවරක් ගැන රටේ ජනතාව දන්නේ නෑ. ඒ විතරක් නොවේ අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් මේ පවතින තත්ත්වය ගැන වාර්තාකරන්නවත් කිසිදු පියවරක් අරගෙන නෑ. ආරංචි මාර්ගවල තියෙන්නේ පසු ගිය මාස කිහිපය තුළම මුදල් ඇමතිවරයා හැටියට පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කිසිදු ආකාරයක විග්‍රහයක් කරන්න හෝ වාර්තා කරන්න කිසිදු පියවරක් අරගෙන නෑ. ඉතාමත් කනගාටු තත්ත්වයක්. මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශ්වාසයේ බරපතළ බිඳ වැටීමක තියෙනවා.

මේ වෙනකොටත් රටේ තියෙන ආර්ථික තත්ත්වයට විසඳුම් හොයනවාද ? අපට පිළිගන්න අමාරුයි. ඒ නිසා එතුමා කෙරෙහි විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් කරන්න අවධානය යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සහ අපේ පක්ෂයේ කළමනාකරණ කමිටුව ඇතුළු කණ්ඩායම් අතර අදහස් හුවමාරු වෙමින් තිබෙන්නේ. නිල වශයෙන් සාකච්ඡා වුණාට පසුව අපි බලාපොරොත්තු වෙනවා ඒ ගැන ක්‍රියා කරන්න.”ලෙස තිස්ස අත්තනායක මහතා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles