බැසිල්ට චෝදනා කරන්නේ රටට වැඩක් නොකළ අයයි

0
290

රටේ වත්මන් අර්බුද හේතුවෙන් ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පීඩාවට පත්ව ඇතැයි ද ඉදිරි දින කිහිපය තුළ මෙම අර්බුද සමථයකට පත්වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

රටට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස ඇති අතර ඉන්ධන භාර හිටපු ඇමති රටේ ඉන්ධන හිඟ බවට කළ ප්‍රකාශ නිසා ජනතාව වැඩිපුර ඉන්ධන ලබා ගැනීමට පෙලඹුණු හෙයින් රටෙහි ඉන්ධන අර්බුදයක් නිර්මාණය වූ බව ද සාගර කාරියවසම් මහතා කීය.

බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට චෝදනා කරන පිරිස් රටට කිසි ම වැඩක් නොකළ බව ද ඔවුන් රටට බොරු කළ පිරිසක් බව ද පක්‍ෂ 11ක් ලෙස පෙනී සිටින පිරිස් සමග සත්‍ය ලෙසට පක්‍ෂ 11ක් නැති අතර ඔවුන් සමග පක්‍ෂ සිටින්නේ කිහිපයක් වන අතර අනෙකුත් පක්‍ෂ පුද්ගල නාම මාත්‍ර පමණක් බව ද සාගර කාරියවසම් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here