Tuesday, September 24, 2024

බැසිල්ට සුපිරි බලයක් දෙයි.. ‘ජනතාව වෙනුවෙන් අමිහිරි තීරණ ගන්න වේවි’ – බැසිල්

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(07) පෙරවරුවේ සිය අමාත්‍යාංශය වෙත පැමිණෙ මහා සංඝරත්නයේ ආහිර්වාද මැද සුබ මොහොතින් වැඩ භාර ගත්තේ ය.‍

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
”මගේ ප්‍රමුඛතාවය ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයේ සියලු දෙනාගේ ප්‍රමුඛතාවය වන රටේ පොදු ජනතාවගේ ප්‍රමුඛතාවය තමයි, අපේ ප්‍රමුඛතාවය වෙන්නේ. මම මෙතන අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කළත්, මේ රටේ ජීවත්වන ගොවියා, ධීවරයා, කම්කරුවා වෘත්තීයවේදීන් රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුදෙනාම තමුන්ගේ සගයෙක් මුදල් අමාත්‍ය ධූරයේ ඉන්නවා කියලා හිතාගෙන අපිට මග පෙන්වන්න. ඒ වගේම අපිත් එක්ක වැඩ කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවෙදී කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මාධ්‍යවේදීන්නුත් වෘත්තීය සමිති සියල්ලගෙන්ම රජය වෙනුවෙන් ඉල්ලා සිටිනවා, අපිත් එක්ක මේ කටයුත්ත, මේ බැරෑරුම් අවස්ථාවේදී උදව් කරන්න කියලා. මේ බැරෑරුම් කියන වචනය කිව්වේ මගේ අදහස නෙමෙයි අද හුඟ දෙනෙක් හිතනවා මේ රට බැරෑරුම් තත්ත්වයකට පත්වෙලා කියලා. අපේ නායක හාමුදුරුවොත් ඒ විදිහටම කිව්වා. නමුත් අපි මීට වැඩිය බැරෑරුම් තත්ත්වවලට අපි මුහුණදීලා තියෙනවා. මීට වැඩිය දේශපාලන අභියෝගවලින් අපි ජය ගත්තා. ඒකට ප්‍රධානම හේතුව වුණේ අපිට සහයෝගය ලබා දීපු සියලු දෙනා. මේක ලොකු අමාරු කාර්යයක් අපි අභියෝග කරමු. අපි සියලු දෙනාම එකට වැඩ කරමු. පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපගේ ප්‍රමුඛතාවයයි. පියෙක්ට වගේ සමහර වෙලාවට අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණාට අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.”

මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අවස්ථාවේදි ඔහු යටතේ තිබු විෂයන් රැසක් බැසිල් රාජපක්ෂ මහතා යටත පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

ඊට අනුව ආයතන 27 ක් එලෙස ගැසට් කර තිබේ.

ඒ අතරට මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඇතුළු ආයතන රැසක් ඇතුළත්ය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා යටතේ අරමුදල් 17ක් ද ගැසට් කර ඇති අතර ඊට ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, වකුගඩු අරමුදල, බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල ද ඊට ඇතුළත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles