Saturday, September 21, 2024

බැසිල් ඇතුලේ, වගකිවයුතු නිලධාරීන් නිදැල්ලේ – කැෆේ සංවිධානයෙන් චෝදනා

කැෆේ සංවිධානය පවසන අන්දමට, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් වගකිව යුතු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු කිසිඳු විනය පරීක්ෂණයක් හෝ නොමැතිව තවමත් රාජ්‍ය සේවයේ සිටිනවා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා චෝදනාවට ලක්ව සිටිනවා. කැෆේ සංවිධානය කියා සිටින්නේ, ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පළාත් පාලන ආයතනවලට කෙරුණු යකඩ බට බෙදාදීමකදී මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුව ඇති බවයි.

ඊට වගකිව යුතු සෙසු නිලධාරීන්ගෙන් කිහිපදෙනෙකු මේ වන විට සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යංශයට අනුයුක්තව ද සේවය කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසා ඇත.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, මූල්‍ය ප‍්‍රතිලාභ ලැබූ නිලධාරීන්ට එරෙහිව අදාළ මූල්‍ය අක‍්‍රමිකතාවට වගකිව යුතු තවත් නිලධාරීන් පිරිසක් ද සිටින බව යි. ඔවුන්ට එරෙහිව ද විනය පියවර ගතයුතු බව කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles