බැසිල් පාර්ලිමේන්තුව මග හරින බවට විපක්ෂය එල්ල කරන චෝදනා අසත්‍යයි

0
273

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව මග හරින බවට විපක්ෂය එල්ල කරන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥය සාගර කාරියවසම් මහතා අවධාරණය කරනවා.

ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යවරයා මේ මොහොත් ප්‍රමුඛතාවය දිය යුත්තේ අන්තර්ජාතික සංවිධාන සමග සාකච්ඡා කර වත්මන් අර්බුදයට විසදුම් දීමට බවයි.

පසුගිය සතියේද දින දෙකක් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි බව සාගර කාරියවසම් මහතා සිහිපත් කළා.

එවන් පසුබිමක විපක්ෂයේ පිරිස් මුදල් අමාත්‍යවරයා ඉලක්ක කරගනිමින් අසත්‍ය චෝදනා එල්ල කිරීම අනුමත නොකරන බවයි සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here