Saturday, November 16, 2024

බැසිල් මෙි බිමෙන් එලවා දැමිය යුතුයි. රාජපක්ෂ පවුලෙන් පසුව මෙරට පවුල් දේශපාලනය අවසන් – විමල් කී කතාව මෙන්න

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙතෙක් හෙළි නොකල කතා හෙළිදරව් කළා.

ඒ ඊයේ (10) සිරස නිව්ස් ෆස්ට් යූ ටියුබ් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙලෙස හෙළි කරන කාරණය හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් එසේ සිදු නොවූ බවට ප්‍රකාශ කළ හැකි බවයි.

එලෙස ප්‍රකාශ කළද තමා ඒ පිළිබඳ විවාදයට නොයන බවත් එහිදී කියා සිටියා.

වීරවංශ මහතා මෙහිදී පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා තව දුරටත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වුවහොත් නැවත වතාවක් ජනාධිපතිවරණ නොපැවැත්වෙන බවත් මැතිවරණ සිතියම තමනට වාසි සහගත අයුරින් හකුලා දමන බවත්ය.

යළි මේ රටේ පවුල් පාලනයකට කිසිදු ඉඩක් නොමැති බවත්, රාජපක්ෂ පවුලෙන් පසුව මෙරට පවුල් දේශපාලනය මෙරටින් තුරන් වන බවත් කී වීරවංශ මහතා අවධාරණය කළේ නාමල් රාජපක්ෂගේ දේශපාලන සිහින පවා තවදුරටත් දේශපාලන සිහින බවට පමණක් පත්වන බවයි. ඇමරිකාවේදී කළු සල්ලි සුදු කිරීමේ වරදට හසුව ඇති බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු ඒජන්තයෙකු ලෙස තම කාර්ය භාරය නිවැරදිව කරමින් සිටින බවද පැවසුවේය. මෙරට ජනයා එකතුව මෙම මිනිසා පන්නා නොදැමුවහොත් ශ්‍රී ලංකාව නමින් රටක් ඉතුරු නොවන බවද ඒ මහතා අවධාරණය කළේය. 

තමා රාජපක්ෂවරුන් සමග ඉදිරි කිසිදු මැතිවරණයකට තරග නොකරන බවත් ඔහු මෙහිදී කීය.

පසුගිය ජනාධිපතිවරණය පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වූයේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා ඒ වන විටත් ඇඳුම් සූදානම් කරගනිමින් ඡායාරූප ශිල්පීන් ගෙන්වා ඡායාරූප පවා ගෙන තිබූ බවත් වීරවංශ මහතා හෙළි කළා.

ඒ සිහිනය කුඩු පට්ටම් කළේ තමා ඇතුළු පිරිස බවත් ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට මතය ගෙන ආවේ ඉන් අනතුරුව බවත් ඔහු සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන අභියෝගය තිබුණේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම බවත් එහිදී පිළිබඳ සොයා බැලීමට ඉන්දීය සම්භවයක් තිබෙන නීතිඥයෙකු යොදා ගත් බවත් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඇමරිකානු ක්‍රමවේදය හොඳට අධ්‍යනය කර අදාල නීතිඥවරයා පසුව සඳහන් කර තිබුණේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බාධාවක් නොමැති බවත් නමුත් අනෙක් රාජපක්ෂ වරයාට බාධාවක් පවතින බවත් පෙන්වා දී තිබූ බව ඔහු පැවසුවා.

ඒ රාජපක්ෂ වරයා බැසිල් රාජපක්ෂ මහතා බවත් ඊට හේතු වී ඇත්තේ මනිලොන්ඩරින් ප්‍රශ්නයක් බව සඳහන් කර තිබූ බවත් එය තමාට කියා සිටියේ සමීප කෙනෙකු බවත් වීරවංශ මහතා අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles