අද උදෑසන අළුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ වත්මන් මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙකු බවයි. ඒ අනුව ඔහුට උවමනා වන්නේ රට ව්‍යසනයකට ඇද දමා බටහිර උපාය මාර්ගයට රට නතු කිරීම බව පැහැදිලි යැයි අවධාරණය කළේය. මාධ්‍යයවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරවංශ මහතා පවසා සිටියේ අගමැති තුමා ඩීසල් ප්‍රශ්නයක් නැතැයි ප්‍රකාශ කළත් ඩොලර් හිඟය හමුවේ බැංකු වලට ණය වර නිකුත් කිරීමට නොහැකි වීමෙන් නැවත වතාවක් ඉන්ධන හීඟයක් ඇති වීම වැළැක්විය නොහැකි බවයි. වැඩිදුරටත් ඔහු පවසා සිටියේ හැකිනම් ඉන්ධන හිඟය 100% කින් නැති කර පෙන්වන ලෙසයි.