බැසිල් රාජපක්ෂට-අධි චෝදනා

0
350

රාජපක්ෂ පාලන සමයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවි නැගුම අරමුදලේ රුපියල් මිලියන 33ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේදී ඔහුට විරුද්ධව අද (15) දිනයේ අධි චෝදනා ගොනු කර තිබේ.

දිවිනැගුම සහනාධාර ලාභීන්ගේ නිවාස අලුත්වැඩියාවට බව පවසමින් මෙම රුපියල් මිලියන 33ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ බැසිල් රාජපක්ෂට අමතරව මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත්තේ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කේ රණවක හා එහි අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ බන්දුල තිලකසිරි යන පස්දෙනා වේ.

බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පස් දෙනා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර මහාධිකරණ විනිසුරු එන්.වී. කරුණාතිලක එහිදී නියෝග කර ඇත්තේ සැකරුවන්ට මීට පෙර ලබා දී ඇති පෙර ඇප මත මුදාහරින ලෙසටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here