Friday, September 20, 2024

බැසිල් ලෙඩ වෙයි – බන්ධනාගාරයෙන් රෝහලට…

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරයාගේ අනුමැතිය මත රාජපක්ෂ මහතා මෙලෙස රෝහල් ගත කළ බව බන්ධනාගාර ප්‍රකාශකවරයා පවසයි.

2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රු.මිලියන 33ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබිණි.

ඉක්බිතිව කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මෙලෙස අද දිනයේ රෝහලට ඇතුළත් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles