Tuesday, September 24, 2024

බැසිල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා

ඔහු සමග එම සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්. ආර් ආටිගල මහතා ද එක්වී සිටි බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පැමිණෙන බව පසුගිය දිනක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළකර තිබේ.

මේ සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා මීට පෙර මුදල් ඇමැතිවරයා ඉන්දියාව බලා යෑමට නියමිතව සිටියත් කලින් අවස්ථා දෙකකදීම එම සංචාරය අවලංගු විය.

මේ වනවිට ඉන්දියාව එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලට අමතරව තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති අතර ඊට අදාල සාකච්ඡා පැවැත්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේ අරමුණයි. මේ පිළිබඳව මීට පෙර රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමග අන්තර්ජාලය හරහා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරගත නොහැකි තත්වයට පත්ව ඇති අතර ඉන්දියාව, චීනය, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයකින් පසුගිය කාලයේදී ණය සහ විනිමය හුවමාරු පහසුකම් ලබාගෙන තිබිණි.

ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන්නේද ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles