බිත්තරයක් රුපියල් 2 කින් හා කුකුල් මස් කිලෝවක් රුපියල් 50 කින් අඩුවේ

0
360

බිත්තරයක් රුපියල් දෙකකින් හා කුකුල් මස් කිලෝවක් රුපියල් 50 කින් අඩු කිරීමට ව්‍යාපාරිකයන් එකඟතාව පළ කළ බව පශු සම්පත්, ගොවිපෙළ සංවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය නිවෙිදනය කරයි.

ඒ අනුව අද (03දා) සිට මිල අඩුවන බවද එම අමාත්‍යාංශය පවසයි.

සත්ත්ව ආහාර සඳහා තිරිඟු ගෙන්වීමට රජය සහන ලබාදීම හේතුවෙන් එම සහන ජනතාවට ලබාදීමට රජය තීරණය කර ඇති බව පශු සම්පත්, ගොවිපෙළ සංවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා හා බිත්තර හා කුකුල් මස් ව්‍යාපාරිකයන් අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here