බිත්තරවල පාලන මිල ඉවත් වේ. ඉන්දීය බිත්තර සතොස සහ අනෙකුත් සුපිරි වෙළෙඳසල් ජාල වලින්….

0
461

සතොස හරහා ආනයනික බිත්තරයක් රුපියල් 35 කට ලබාදෙන බැවින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 26 වැනි බදාදා එම පාලන මිල අත්හිටුවනු ලැබුවා.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල පැවසුවේ සුපිරි වෙළඳසැල්වලින් ද රුපියල් 40 කට ආනයනික බිත්තරයක් අලෙවිකරන  බවයි.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක පාලන මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් 19 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here