බිත්තර අද සිට කිලෝ ගාණට! බිත්තරයක් රු.35-40 අතර මිලකට විකිණෙන ලකුණු…

0
382

ඉදිරියේදී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව අද (04) දිනයේ පළමුවෙන් මධ්‍යම පළාතේ දී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“අපි තීරණයක් ගත්තා හෙට ඉඳලා බිත්තර කිලෝ ගානට විකුණන්න. ඉන්දීයන් බිත්තරේ ගන්න පුළුවන් නම් බේකරි හිමියන්ට ග්‍රෑම් එකක් ශත 85 ගානේ  හෙට ඉඳලා අපි දෙනවා ග්‍රෑම් එකක් ශත 80 ගානේ. පාරිභෝගිකයින්ට කිසිදු ප්‍රශ්ණයක් නෑ. කේක් එකකට ඉන්දියන් බිත්තර 10ක් ඕනේ නම් අපේ බිත්තර දාන්න ඕනේ 6ක් හෝ 7ක්. මධ්‍යම පළාතෙන් අපි මේක පටන් ගන්නවා. ශත 80 ගානේ කිරලා මේ බිත්තර විකුණනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here