Thursday, November 28, 2024

බිත්තර ගහපු චෝදනාවට පිළිතුරු දෙන්න ඕනෑම නාලිකාවක විවාදයකට එන්න. සේනාධිපතිගෙන් ජවිපෙට අභියෝගයක්

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණට විවෘත අභියෝගයක් එල්ල කර තිබෙනවා. ඒ කලගෙඩිහේන ප්‍රදේශයේ පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ජනහමුවකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙසයි.

එමෙන්ම 2015 සිට ඇවන්ගාඩ් සමාගමට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද ඕනෑම නාලිකාවක විවාදයට සුදානම් බව සේනාධිපති මහතා පවසන අතර වසර 5ක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ අදාළ විවාදය මගහරිමින් සිටින බවටත් ඔහු කියා සිටියා.

නිශ්ශංක සේනාධිපති මහතා සිය ෆේස්බුක් පිටුවේ පලකල සම්පුර්ණ වීඩියෝව පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles