Sunday, September 22, 2024

බිත්තර ප්‍රහාරය එල්ල වුණේ දේශපාලන උවමනාවක් මත බව පැහැදිලියි – විජිත හේරත්

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල වුයේ දේශපාලන මැදිත්වීමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි සැගවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කොළඹ අද (31) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

පක්ෂය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය ළක්වා ගත හැකි වූයේ ඒ නිසා බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

එමෙන්ම පක්‍ෂයේ සහෝදරයන්ගෙන් ලැබෙන ආරක්ෂාව හමුදා පුහුණුවෙන් ලබන ආරක්ෂාවට වඩා බලවත් බව ද හෙතෙම පැවසීය.

ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරය පසුපස දේශපාලනය ඇති බවත් තම පක්ෂය ආරක්ෂා කරන්නේ ජනතාව බවද පැවසූ ඔහු රටේ ජනතාව ඒ ගැන සත්‍ය දන්නා බවත් කියා සිටියේය.

ප‍්‍රහාරය පසුපස සිට පුද්ගලයන් කවුද යන්න එම ප්‍රහාරය සිදු කළ අය මේ වන විටත් පවසා ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපිය සම්බන්ධයෙන්ද විජිත හේරත් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.

කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ජාතික ජන බලවේගයේ ගමන නැවැත්විය නොහැකි බවටද විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles