Wednesday, January 15, 2025

බිත්තර හා කුකුල් මස් ගණන් තව තවත් ඉහළට

බිත්තර හා කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට බිත්තර සිල්ලර මිල රුපියල් 30කට ආසන්න වී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කලේ බිත්තර තොග මිල රු. 27ට වඩා ඉහළ ගොස් ඇති බවයි.

අමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යාම සහ ඩොලර් හිඟය මේ සඳහා ඍජුව බලපා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ සුදු බිත්තරය මිල රුපියල් 24ත් 26ත් හා රතු බිත්තරයක මිල රුපියල් 25ත් 27ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

එමෙන්ම කුකුල් මස් ක්‍රිලෝවද මේ වන විට රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන බිත්තර හා කුකුල් මස් වෙලදුන් පවසන ලද්දේ මෙම දිනවල කුකුල් මස් හා බිත්තර තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මිල ගනන් ඉහල යාමත් සමග බිත්තර හා කුකුල් මස් අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles