Thursday, November 28, 2024

බින්තැන්නේ අක්කර 572ක් උක් වැවීම සඳහා සිංගප්පූරු සමාගමකට

ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර පන්සිය හැත්තෑ දෙකක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිෂ්පාදනය සඳහා ලබාදීමට මේවන විට රජය කටයුතු කරමින් ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

IMS හොල්ඩින් සහ සිංගප්පූරුවේ ගැසල්ස් වෙන්චර් සමාගම ආයෝජකයන් වශයෙන් බිබිල සිනි ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්ව සිටින බවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

2013 වසරේ අසම්පූර්ණ පරිසර තක්සේරු වාර්ථාවක් සිදුකරමින් බිබිල සිනි සමාගම ඉහත උක්වගා ව්‍යාපෘතියට හා සිනි නිශ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා අක්කර තුන්සියයක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ඉල්ලා තිබුණි.

2017 වර්ෂයේ ජුනි 29 දින බිබිල සීනි සමාගම වෙත මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඇති අන්දමට වසර තුනක් ඇතුළත මෙහි ඉදිකිරීමට අවසර දී ඇති බවත් ඉන්පසුව මෙම අවසරය වලංගු නොවන බවත් පරිසර අධිකාරිය යැවු අවසර ලිපියේ සදහන් කර ඇත.

ඒ අනුව මෙම අවසරය වලංගු වන්නේ 2013 වසරේ පරිසර තක්සේරු වාර්ථාව කල වසරේ සිට නම් එම අවසරය 2016 වසරේ අවසන් වේ.ඉහත අවසරය වලංගු වන්නේ මෙම ලිපිය නිකුත් කල දා සිටනම් එම අවසරය 2020 වසරේ අවසන් වේ.යල් පැන ගිය අවසර ලිපියක් භාවිතා කරමින් දේශපාලන සහයෝගය ඇතිව බිබිල සීනි සමාගම 2023 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටී.

මෙය මධ්‍යම පරිසර අධිකාරියේ නීති රෙගුලාසි වලට පටහැනි අතර මේ මගින් ජාතික පාරිසරික පනත උල්ලංඝනය වේ.

රිදීමාලියද්ද බින්තැන්නේ දෙහිගම ගම්වාසින්ගේ පාරම්පරික ඉඩම් මෙලෙස නිසි පරිසර තක්සේරු වාර්ථාවක් වත් නොමැතිව බහු ජාතික සමාගම් වෙත ලබා දීමට මේ රජය දේශපාලනිකව බිබිල සීනි සමාගමට උපකාර කරමින් ඇත.

https://fb.watch/b1BETYQr_Z/

මාදුරැ ඔය ගංගා නිම්නයේ ඉතා සාරවත් ඉඩම් ලෙස පැවති මෙම පාරම්පරික ඉඩම් ගොවි ජනතාවගෙන් උදුරගෙන උක් වගාව සදහා ලබාදෙන්නේ 2011 වසරේ සිට 2050 දක්වා රජය දියත් කරමින් සිටින ජාතික භෞතික සැළසුම අනුවයි.

ඒ සැලසුම් කර ඇති ආකාරයට වී සහ දේශිය වගාවන් කිරීම වෙනුවට සමාගම් වලට වැඩි ලාභයක් ලබාගත හැකි ඒක භෝග වගාවට ඉඩම් ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්‍යකි. ඒ අනුව පුරාණ ඌව වෙල්ලස්සේ , බින්තැන්න ප්‍රදේශයට අයිති රිදීමාලියද්ද දෙහි ගම පිහිටි මෙම ඉඩම් සිංගප්පූරු ගැසල්ස් වෙන්චර් සමාගම වෙත අනවසරයේ ලබාදීම මේ වන විට සිදු කරමින් ඇති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ අතර සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට යෝජිතව ඇති බිබිල දෙහිගම ප්‍රදේශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් හඳුනාගෙන තිබෙනවා. ඒ පුරාවිද්‍යාඥයින් , ඉතිහාසඥයින් සහ පරිසරවේදීන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ නිරීක්ෂණයකදීය.

මෙම නිරීක්ෂණචාරිකාව සඳහා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා,පරිසරවේදී සජීව චාමිකර මහතා ජනාතා විමුක්ති පෙරමුණෙ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

May be an image of outdoors and tree
May be an image of tree and outdoors
May be an image of 9 people, people standing, outdoors and tree
May be an image of outdoors
May be an image of 6 people, people standing and outdoors
May be an image of 10 people, people standing, outdoors and tree

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles