බීබීසි අල්ජසීරා හරහා කුමන්ත්‍රණයක් – මහින්දානන්ද

0
317

ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටින්නේ යැයි බීබීසී අල්ජසීරා ඇති වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීම කුමන්ත්‍රණයක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මෙරට තුළ එවන් කිසිදු ආහාර අර්බුදයක් නොමැති බවයි.
අද රට තුළ ඇත්තේ ආහාර අර්බුදයක් නොව මාෆියාවක් යයිද පැවසූ අමාත්‍යවරයා එම තව මාෆියාව පාලනය කිරීමට ජනාධිපතිගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් හදිසි නීතිය පැනවූයේ ඒ සඳහා බවත් පැවසීය.
හදිසි නීතිය පැනවීම අලුත් දෙයක් නොවන බවද පැවසූ ඔහු යහපාලන ආණ්ඩුව සමයේ කොළොන්නාව කුණු කන්ද කඩා වැටුණු අවස්ථාවේදී ද හදිසි නීතිය පැනවූ බව පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here