Monday, January 13, 2025

බිලියන 181 ක් කොරෝනා පාලනයට පසුගිය වසර එකහමාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කරලා

කොරෝනා පාලනය සඳහා අයවැය ප්‍රතිපාදනවලට අමතරව ගෙවුණු වසර එකහමාර තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අසීරුම කාල වකවානුවක මෙවැනි විශාල මුදලක් රටේ සෞඛ්‍ය පද්ධතියට වැය කිරීම රජයක් ගත් ඉහළම සාධනීය පියවරක් බවයි, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බූස්ටර් එන්නත ලබාදෙමින් මේ වනවිට ශ්‍රී ලංකාව එන්නත්කරණය අතින් ලොව සිව් වන ස්ථානයට පත්ව ඇතැයි ද, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

බූස්ටර් එන්නත සඳහා ලක්ෂ 145 ක එන්නත් තොගයක් අවශ්‍ය කරන අතර ඉන් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත්තේ.

ඉදිරි මාස දෙක තුලදී එම එන්නත් සියල්ල ගෙන්වීමට පියවර ගන්නා බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles