Tuesday, January 14, 2025

බිලියන 2.2 දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි..

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේ දී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට නෝබල් රිසෝසර්ස් පෞද්ගලික සමාගම ඉදිරිපත් තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරනයක් ලබා දෙමින් පවසා සිටියේ බිලියන 2.2 ක දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කර නැවත නිසි ක්‍රියාපටිපාටිය යටතේ ගල් අඟුරු සැපයුම් කරුවකු ‍තෝරා ගන්නා ලෙසයි.

එසේම ටෙන්ඩරය පෞද්ගලික සමාගමක් වෙත පක්ෂග්‍රාහීව පැවැරීම සම්බන්ධයෙන් අමත්‍යංශ ලෙකම්වරයා හා ප්‍රසම්පාදන කමි‍ටුව කටයුතු කර තිබූ ආකාරය ගැන තමා කම්පනයට පත් වූ බවද විනිසුරුවරයා පැවසීය.

මෙම ටෙන්ඩර් ගනුදෙනුව සඳහා 30/2015/ දරන කැබිනට් පත‍්‍රිකාව මඟින් කැබිනට් අනුමැතිය හිමිව අත.

එම ටෙන්ඩරය අනුව පළමු අදියරේ දී මෙටි‍්‍රක් ටොන් 1කට ඩොලර් 51.96ක මුදලක් නියම වූයේ ටොන් 1 කින් 0. 67 ක පාඩුවක් කරමිනි. මෙටි‍්‍රක් ටොන් 396,000 ක් වෙනුවෙන් (ඩොලරයක් රු.143 ගණනේ) රටට අහිමි වූ මුදල රුපියල් මිලියන 38කි.

දෙවන අදියරේ දී එනම් ලබන වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් වන ගල් අඟුරු මෙටි‍්‍රක් ටොන් 1 සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණේ ඩොලර් 58 බැගිනි.

ටොන් 2,304,000ක් සඳහා ඩොලර් 6.71ක වැඩි මිල අනුව රටට අහිමි වන මුදල රුපියල් 2,210,757,120කි (බිලියන 2.2).

අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ නොබෙල් රිසෝර්සස් ඉන්ටර්නැෂනල් සමාගම වන අතර පසුව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සිංගප්පූර් ඔවර්සීස් එන්ටප‍්‍රයිසස් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරයේ වෙනස්කම් සිදු කර එම සමාගම වෙත ටෙන්ඩරය ලබා දීමට ප‍්‍රසම්පාදන කමිටුව
තීරණය කර තිබේ.

ඒ අනුව පසුගිය පාලන සමයේද ඉතා විශාල මිල ගණන් වලට ගල් අඟුරු ආනයනය කර රාජපක්ෂ හිතවතුන් බිලියන ගණන් ආදායම් ඉපයූ අතර වත්මන් ආණ්ඩුවද සමාගම පමණක් වෙනස් වී එම ක්‍රියාව සුපුරුදු පරිදි කරගෙන යයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles