බිශ්වාල් නැගෙනහිර යයි

0
348

biz 2දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රි ලංකාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නීශා බිශ්වාල් ඇතුලු දුත පිරිස නැගෙනහිර පලාතේ සංචාරයක නියැලෙමින් අද ත්‍රිකුණාමලයට පැමිණියේය.

මුලින්ම කෝනේෂ්වරන් කොවිලට පැමිණි මෙම විදේශ දූත පිරිස කෝවිල අභියසදි පිලිගනු ලැබුවේ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු විසිනි.

සිවිල් සංවිධාන , මානව හිමිකම් සංවිධාන ක්‍රියාධරයන් හමු වු මෙම දූත පිරිසගේ හමුව මාධ්‍ය ආවරණය කටයුතු සදහා මාධ්‍යට අවසර නොලැබුණි.

නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යලි ආණ්ඩුකාර නිල නිවසේදි හමු වුයේ දිවා භෝජන සංග්‍රහයක් සදහාය.

දිවා භෝජනයට පෙර දෙපාර්ශවය නැගෙනහිර පලාතේ සංවර්ධන කටයුතු, ආයෝජනයන් හා නැවත පදිංචි කිරිම් සිදුකල හා සිදුවන අයුරු පිළිබද අදහස් හුවමාරු කර ගැනිම සිදුවිය.

මෙම දූත පිරිස නැගෙනහිර මහා ඇමති හාපිස් නසිර් අහමඩ්ද හමුවිමට නියමිය.bizbiz 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here