බිස්කට් තොගයක් රේගුවේ හිරවෙයි

0
823

නීති විරෝධීව ලෙස මෙරටට අරැගෙන ආ රුපියල් ලක්ෂ එකසිය හැටකට ආසන්න වටිනාකමකින් යුත් රන් බිස්කටි තොගයක් කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිය බාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික ගුවන් මගියා 50 හැවිරිදි වත්තල , මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙවැනි ගුවන් මගියා 46 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, තුන් වැන්නා කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි.

අදාළ සැකකරුවන් තිදෙනාම ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් , අලෙවි කිරීමේ යෙදී සිටින ව්‍යාපාරිකයෝ වෙති.

ඔහුන් තිදෙනාගෙන් වත්තල , මාබෝල ප්‍රදේශයේ පදිංචිකරු සහ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරිනිය ඊයේ(10) දින රාත්‍රී 10.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඉතිරි ගුවන් මගියා වූ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරු ඊයේ(10) රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණි.

ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති  ” හරිත මාවත ” ඔස්සේ පිටව යෑමට තැත් කිරීමේ දී, ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු වල මෙම රන් බිස්කට් තොගය සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී වත්තල , මාබෝල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාගේ සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාගේ  ගමන් මලවල රුපියල්  71,50,000 ක් වටිනා කිලෝ ග්‍රෑම් 01 යි , ග්‍රෑම් 100 බර රන් බිස්කට් 11 බැගින් රන් බිස්කට් 22 ක් ද, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවගේ ගමන් මල්ලේ රුපියල් 17,50,000 ක් වටිනා ග්‍රෑම් 300 ක් බර රන් බිස්කට් 03 ක් ද තිබූ බව රේගුව ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here