Saturday, September 21, 2024

බුකිය පුරා දිවෙන අලුත්ම පිස්සුව – Prisma ඇප්

මේදවස්වල බුකියේ ගොඩදෙනෙක් අතර ජනප්‍රිය ඇප් එකක් තමයි Prisma කියන්නේ. ලස්සන ලස්සන ෆොටෝ එක එක හැඩවලින් ෆේස්බුක් Profile Pictures වලට දාගන්න ගොඩදෙනෙක් මේ ඇප් එකෙන් දැන් ට්‍රයි කරනවා. හැබැයි තාම මේ ඇප් එක තියෙන්නේ iOS තියෙන ඇපල් ෆෝන් වල විතරයි.

ඉදිරියේදී Android වලටත් මේ ඇප් එක සපෝර්ට් කරන්න පුලුවන් විදියට හදනවා කියලා තමයි මේක නිර්මාණය කරපු අය කියන්නේ. මේ ඇප් එක ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්නේ රුසියානු නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ අතින්.

මේ වෙද්දි අපි භාවිතා කරන Instagram ඇප් එක වගේම මේ Prisma ඇප් එකත් අපිට පාවිච්චි කරන්න පුලුවන් වගේම මේක වෙනස්වෙලා තියෙන්නේ ඡායාරූපවලට යොදාගන්න අලුත්ම විදියේ Filters 34ක් තියෙන නිසා.

මේ Filters වලින් ලෝක ප්‍රසිද්ධ ඡායාරූප වලට බොහෝ දුරට සමානකමින් යුතු අපේම ඡායාරූපයක් හදාගන්න හැකියාව තියෙනවා.

ඇප් එකේ මුල්ම අවදිය නිසා මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර වැඩිනිසා මේක use කරද්දි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ලාවට වගේ ආවත් ලංකාවේ වගේම ලෝකේ රටවල් බොහොමයක මේ වෙනකොට මේ ඇප් එක ලැව් ගින්නක් වගේ පැතිරෙනවා කියලා තමයි ආරංචි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles