බුද්ධිමතුන් බිහිකිරීමට දහම් පාසලත් අවශ්‍යයි‘ – විජයදාස රාජපක්ෂ

0
303

ජාතියට වටිනා මෙහෙවරක් කළ නොහැකි  උගතුන්  බිහිවූවාට කිසිදු පලක් නැතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ගමට ,රටට, තමන්ට,ප්‍රයෝජනයක් ඇති බුද්ධිමතුන් බිහිකිරීමට  දහම් පාසැල් ක්‍රමය අවශ්‍ය බවත් ඇමැතිවරයා කියා සිටියේ  බුද්ධ ශාසන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මීගමුවේ පැවැති දහම් පාසල් උත්සවයකට එක්වෙමිනි.

‘එදා තිබුණු තක්සලා විශ්ව විද්‍යාලයේ හිටපු දක්ෂතම ශිෂ්‍යා වූ අහිංසක. භාරතයේම ලොකුම උගතා එහි කුලපති. ඉතින් එහෙම කෙනෙක් මිනී මරන්න කියයිද එ‍හෙම කීවාට ඔහු කළේ නැහැ. උගත්තුන්ට ඒක කරන්න පුළුවන් නියෝග දෙන්නත් පුළුවන් හැබැයි බුද්ධිමතෙකුට එහෙම නියෝගයක් දෙන්න බැහැ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here