බුද්ධි නිලධාරියා රන් කිලෝ 2ක් සමග අල්ලයි

0
648

රුපියල් අනූඑක් ලක්ෂ හතලිස් අට දහස් පමණ වටිනා රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන  කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

සැකකරු රාජ්‍ය බුද්ධි අංශයේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරයකු බව ද රේගුව කියයි. අත් අඩංගුවට ගත් රන් වල බර කිලෝ දෙකකි.  සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයකු මෙම රත්තරන් තොගය කටුනායකින් පිට කිරීම පිණිස ලබාදුන් බව සැකකාර බුද්ධි නිලධාරයා පවසා ඇතැයි ද රේගුව කියයි. රං ආභරණ දුන් බව කියන සැකකරු අතුරුදහන්ව ඇතැයි ද දැනගන්නට තිබේ lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here