Tuesday, January 7, 2025

බුදුදහමට ප්‍රමුඛස්ථානය ආරක්ෂා කරනවා

නව ව්‍යවස්ථාවෙන් පවතින ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් වෙනස් නොවන බවත්, ඒ අනුව වත්මන් ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමිව ඇති ප්‍රමුඛස්ථානය එසේම පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

ගංගොඩවිල, පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා නව ධර්මශාලාවට මුල්ගල තැබීම නිමිත්තෙන් ඊයේ (22දා) විහාරස්ථානයේ පැවැති දහම් හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

“රජයක් වශයෙන් අපේ ජනාධිපතිතුමාවත්, කැබිනට් මණ්ඩලයවත් ජනතාව අදහන ආගම දහමට බලපෑම් කිරීම සඳහා ඉදිරිපත් වන්නේ නැහැ. දැනට පවතින ආගමික අයිතිවාසිකම් වෙනස් කරන්නට අවශ්‍යතාවකුත් නැහැ.

අපි රටේ සියලු ජනතාවට තම ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව ලබාදෙන අතරම, බුදුදහමට ඒ පසුබිමේ ඇති ප්‍රමුඛස්ථානය ආරක්‍ෂා කරදීමට කටයුතු කොට තිබෙනවා. ව්‍යවස්ථා සභාවට අයිති පාර්ලිමේන්තුවේ කිසිදු පක්‍ෂයක් ඒ සඳහා විරුද්ධත්වයක් ප්‍රකාශ කොට නැහැ. අපේ ව්‍යවස්ථාවේ සංශෝධනය නොකළ යුතු කොටස් තිබෙනවා, එසේ වෙනස් නොවන කොටසට බුදුදහමට ප්‍රමුඛත්වය ලබාදීමද අයත් බව මා මෙහිදී ප්‍රකාශ කරන්නට කැමතියි.

අපි සාකච්ඡා කළා, 19වැනි සංශෝධනය ඉදිරිපත් කළා. කිසිවෙකුටත් 2/3ක බලයක් නොමැති නිසා, ජනාධිපතිතුමාටවත් මටවත් ව්‍යවස්ථාව කුමක්දැයි පවසන්නට බැහැ. නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. එක කරුණක් නම් අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමයි” යනුවෙන්ද ඔහු තව තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles