බුලත් කොළය අලුත් මුහුණුවරකින් එයි

0
342

එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම එය බුලක් කොළය ලකුණ යටතේම නව මුහුණුවරකින් ගොඩනැගීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ ඊයේ (15) රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එම සන්ධානය නියෝජනය කළ ඉකුත් දා අභාවප්‍රාප්ත වූ නායකයන් වන ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන්,   හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ දේශවිමුක්ති ජනතා පක්ෂයේ හිටපු නායක පී.එම් පොඩි අප්පුහාමි යන මහත්වරුන් සිහිපත් කිරීම ද රැස්වීම ආරම්භයේ දී සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here