Sunday, September 22, 2024

බූස්ටර් එන්නත් මාත්‍රාව හැකි ඉක්මනින් ගන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

බූස්ටර් එන්නත් මාත්‍රාව හැකි ඉක්මනින්ම ලබාගන්නැයි සියලු ජනතාවට නැවත වතාවක් ආයාචනා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත අවශ්‍ය ප්‍රමාණයට ගෙනැවිත් ඇති බවත් වයස 20 ට වැඩි ඕනෑම පුද්ගලයකුට තෙවෙනි මාත්‍රාව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගොස්   ලබා ගත හැකි බවත් ඔහු පවසයි.

කොවිඩ්  මරණ වැලැක්වීම සහ  සංකූලතා අඩු කිරීමට  ඇති එකම විකල්පය තෙවෙනි මාත්‍රාව බවද  හෙතෙම සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles